ගොඩක් උන්ට.. විශේෂ දවසක්.. :P ඇයි කියලා මං කියන්න ඕනේ නෑ නේ ඉතින්..
අපේ රටට නිදහස ලැබිච්ච දවස නොදන්න උන් පවා එදා ගැන කියන්න දන්නවා නොවැ..

ආස්චර්ය ....
මං මේ කියන්න යන්නේ වැලන්ටයින් ගැන නේම ...
වැලන්ටයින් දවසට අනාගතේ අනාගන්නැතුව ජීවන් වෙන්න කියලා කියන්නයි හදන්නේ..
හැබැයි ඉතින් දැන් ඉතින් ගොඩක් කොල්ලො කෙල්ලොන්ට මෙව්ව කියලා වැඩක් නෑ.
මොකද උන් ගේ ආදරේ තියෙන්නේ උන්ඩුක පුච්යට විරුද්ද පැත්තෙන්.... :P
දැන් ගොඩක් උන්ගේ පලමු හමුවීම හෝ දෙවෙනි එකෙන්ම යන්නේ කාමරේට හින්දයි එහෙම කිව්වේ...
කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත් බලන් ඉන්නේ ඔහොමයි නේ..ඔය අදාල දිනේ ටර්ගට් කරගෙන කොච්චර මුදල් නාස්ති කරනවාද ?? බදින්න හිතන් ලව් ඉකරන උන් ඉතින්.. තමන්ගේ අනාගතේ ගැන හිතලා කීයක් හරි ඉතුරැ කරගත්තොත් හොදා.. බදින්න කලින් අම්මගෙන් තාත්තගේ සල්ලි වලින් ජීවත් උනාට.. ටික කාලෙකින්..
හුටා හු* වෙනවා.. මොකද ..
ඉතින් දැන් ඉතින් කොල්ලෙක් නම් ගෑනියෙකුත් නඩතුත කරන්න එපැයි.. කෙල්ලෙක් නම් රස්සාවකට නොගියත්.. කලින් වගේ ඉන්න බෑ නේ..
මිනිහට කන්න අදින්න උයලා දෙන්න අනං මනං .. වැඩ තියෙන නිසා..
ඕකත් මෙතන්ට අදාල නෑ.. කියන්න ගිය එකට දැන් වත් බහිමු කෝ..
කාමරේට රිංගලා නිකන් කෙලවගන්න කලින් කෙල්ලෙක් මේ ගැනත් හිතන්න..
මේක ගොඩක් දුරට වටින්නේ කෙල්ලන්ට වෙන්න ඕනේ මයි හිතේ.. මොකෑ කොල්ලන්ට කැඩෙන්න බිදෙන්න දේවල් නැති නිසාත්..
කොල්ලො බඩ නොවෙන නිසාත්..
මං මේකට මං දන්න ඇත්ත සිද්ධියක් ලියන්නම්..
දුර හිතලා තීරනගන්න එක උදව් වෙයි...
මම දන්න අදුරණ යාළුවෙක්ගේ අයියා කෙනෙක් ඉදියා.. මේ අයියා කැම්පස් ගියා..
එහේදී කෙල්ලෙක් යාළු වෙලා අපි දන්න තරමින් අවුරුදු 07ක් ම අදාරේ කරා.. ඒ කාලේදි මොනවා උනාද කියලා අපි දන්නෑ ඉතින්...
කොහොම හරි ගිය අවුරුද්දේ ඒ අයියා හදීසියේම අපි හැමෝමව දාලා අන්තරා උනා..
ඉතින්...මේ වගේ වෙලාවක...
ඒ අයියා යාළු වෙලා ඉදපු අක්කා..
ඔය කඩා ගන්න දේවලක් කඩා ගෙන හිටියා නම්..
වැරදිලා හරි.. බඩ වෙලා මාස දෙකක් තුනක් නම්..
මල හත් ඉලව්වයි නේද ??
ඒක නිසා.. අදාල දවසට හරි වෙන දවසක හරි ආදරේ මුවාවෙන් කාමරේට යන්න කලින්..
කෙල්ලට අදරේ කරන කොල්ලෙක් නම්.. මේ සිද්ධිය ගැනත්..
තමන්ට අදරේ කෙල්ලෙක් නම්.. තමන්ගේ ජීවිතේට වටිනාකමක් ඇති කෙල්ලෙක් නම් හරි.. දෙපාරක් හිතන්න..
මේ වගේ සිද්ධියක් උනොත් මොකක්ද කරන්නේ කියලා...
විකල්පයක් තියනවා..
මොකක්ද ????
උපත් පාලන පෙති... හා විවිධ ක්රම..
මම ඔව්ව ගැන කියන්න යන්නෑ.. මොකද නොදන්න නිසා.. මේක කොටලා මොනවා හරි විකල්ප තියෙනවද බලන්න 01 සබැදුම
කඩා ගත්ත උන්ට නම් ඉතින් ඕක තමා එකම විසදුම.. :D
ඒත් අනිත් අයට කියන්න තියෙන්නේ..
මේක ලංකාව නිසාත්.. ගොඩක් දුරට කොල්ලෝ මුලදී මොනවා කිව්වත්.. පස්සේ.. කරගැටයක් කැඩිලා හරි ලේ ගියේ නැත්තම් ඉතින් වලි තමා..
අපේ සංස්කෘතියට සමාජේ එව්ව මෙව්ව නිසා ගොඩක් දුරට කන්යා පටලේද මොකක්ද කියන එක (මම දන්නෑලු ) හිතනවා..
ඒක නිසා..
පස්සට ජීවිතේ අවුල් වෙන්න කලින්..
හිතලා වැඩ කරන්න ..
ආදරයයි ලිංගිකත්වයයි. .එකක් නෙමේ නේ..
මොකද දෙකම එකක් නම්.. අදරයට සමාන පදයක් විදිහට ලිංගිතක්වයත් ගන්න පුළුවන් නිසා.. :P ඒත් එහෙම ගන්නෑ නේ. ඒ කියන්නේ දෙක දෙකක්..
කොහොම කොහොම හරි..
කියපු එක තේරැණා නම් එච්චරයි..
ටිකක් කැතයි නේ පෝස්ට් එක.. මං ලිව්වොත් ඔහොමමයි..
කියන්න අමතක උනා..
පලි/
උපත් පාලන ක්රම කියන්නේ යම් තාක් දුරකට හොද දෙයක් උනාට..
ඒකේ බාහිර අතුරැ ඵල නැතිව නෙමෙයි.. කියලයි මං හිතනේනේ..
This comment has been removed by the author.
ReplyDelete