එදා... මහ කුජීත දවසකි.. මම උදේ පාන්දරින්ම අවදිවුයේ කව්රුන්හෝ කාමරයේ දොරට තඩි බානවා ඇසුනු නිසාවෙනි.. මා සිත චංචල විය. සිතල නිසා ඇදෙන් බැසීම කර්කශ කාර්යක් වුවද. මා සිතේ වු ආත්ම ධෛර්ය පයටගෙන සීතලවීගිය සිමෙන්ති පොලව මත මාගේ දෙපා තබමින් දොර දෙසට ඇවිද ගියෙමි.
අම්මට සිරි .. ඒ වෙනත් කිසිවෙක් නොවේ අම්මාය
එලි වෙලා වැඩට යන්න පරක්කු වෙනවා...
මේ වැයම මා මෙවන් වැසි දිනක හුදෙක්ම මා ගෙදරින් පන්නා දමා මාගේ සුව නින්ද අහිමි කිරීමට දරනා උත්සහක්ම බැව් මාගේ සිතට වැටහීයනවිටම .. සලාං බලාං... යන හඩින් කාමරය දෙදරැම් කා යන ආකාරට වයිබ්රේට් වෙමින් මාගේ චයිනීස් නොවන මාගේ නොකියා දුරකතනය වරක් බෙරිහන් දෙමින් නිහඩ විය, මා සිත සැලුනේ ඒ ඇයයි කියාය.. , දුරකතනයේ තෙරපීමට ඇති මුහුණත මා තෙරපුවෙමි.
නොදකින් ගස් බල්ලෝ .. අහවල්ටෙල් එකෙන්.. මෙගාබයිට් 200ක් 39යි ලු..
මාගේ මල් මල් සිහිනය එසේ බොදවීගියේ සුපුරුදු පරිදී තාවමත් මා හට හුරු තනිකඩයෙකු සතු නිදහස උපරිමයෙන් බුක්ති විදිමිනි. දත් මදින් කම්මැලිය. ඒත් මදින්නේ නැතුව යන්න කන්නත් බෑ .. නොකාත් බෑ., ඒ බැවින් දත් බුරුසුව සුරතට ගත් මා. දෙතුන් වරක් මා මුඛය තුල මෙව්වා කර, කෙල ගසා කට සහ මා මුව ජලසම්පාදන මණ්ඩලය මගින් සපයන සිසිල් පැනින් දොවනය කරගෙන ලක ලෑස්ති වී පාරට ගියේ 8ට කලින් ගාල්ලට යෑමටයි..
උදේට ගෙවල් ලග බස් නවත්තන්නේ නැත. මුංට බස් එකේ සෙනග නැති වෙලාවට පාර පුරාම බස් හොල්ට්ය. අනේ මංදා.. කොළඹ බස් නවත්තන ප්‍රධාන බස් නැවතුම් පෙලට සේන්දු වු මාගේ හිත කීරි ගැසී ගියේ ඈ දුටු නිසාවත් පරණ ණය කාරයෙක් දුටු නිසාවත් නොවෙනි, මගේ අම්බෝ සෙනග.. අදනම් ගිහින් හමාරයි.. වැස්ස දවසට පාපුරුවේ ගමන් කරනවාට වඩා ගෙදර යෑම සුභය. ඒත් අසරන මා කුමක් කරන්නද යැයි සිතමින් සිටින විට බස් රථ දෙකක්ම ආවේ මාගේ පෙර කරනා ලද පුංඤකර්මයකටම විය යුතුය. ඉස්සරහින් පැමිණි බස් රථයට සියල්ලෝම පොරකකා නගිද්දී මා පසු පසින් පැමිණි බස් රථයට ගොඩ වූයේ හද පිරි සතුටින් අනේ අරහමත් මෝඩයෝ යැයි කියමිනි.., හුටා අසුන් ගැනීමට හිස් අසුනක් නොමැත. කමක් නැත. සිටගෙන යන එකත් කමක් නෑ .. පලමු බස් රථය ඉගිලී ගියේ පවණට ටිකක් අඩු වේගයකිනි. තවතමත් මා නැග ගත් බස් රථය නැවතුම්පොලෙහි ලත වෙයි..
කොන්දොස්තර අයියා / මමා / අංකල් තුමෝ කෑමක් දුටු විට කෑගසන කපුටෙකු මෙන් කෑ මොර දෙන්නේ බස් රථයට සෙනග රැස් කිරිමටයි. මූ විනාඩි 5ක් පමණ කෑ ගසා ඌටම එපා වීම නිසාද කොහේදෝ බස් එක අදින්න යැයි කිය. ඇති යන්තම්..
බස් රථය ඉදිරියට ඇදී ගතවූයේ සුලු මොහොතකි.
ඇතුල් මාර්ගායක (කෙටි දුර) බස් රථයක් පැමිනෙනවා දුටු රියදුරු මහතා තම රිදී පාට නොකල තම පයින් තිරිංගය පෑගුවේ බස් රථය තුල උන් සුවහසක් ජනයාගේ සිත් තුල “ගස් බල්ල තොට හෙන ගහපන්“ යන සිතුවිල්ල ජනිත කරමින් බැව් මා දුටුවේ සියල්ලන්ගේ මුහුණු අහසටත් වඩා අදුරැ වූ බැවිනි..
කෙටිදුර බස් රථයෙහි දොරතුලින් මතු වූයේ අගල් 4කට පමණ මදක් අඩු අඩි උස සපත්තු දමන ලද පයකි. ඉන් පසුව කෙමෙන් කෙමෙන් කොකා කොලා බඩී බොතලයක් සිහිගන්වන්නාවූ සිරුර දර්ශය වූ අතර සද මෙන් සුදවන් මුවත් අවසානයට දර්ශනය විය.
ප/ලි
මං හිතන එව්වා වෙන්නේමනැත...
සික් දැන් 6.40 පහු වෙලා..
වැඩට යන්න පරක්කු වෙනවා..
ඉතිරි කෑල්ල හවසට / දවල්ට / රෑට හෝ හෙට උදේට දාන්නම්..
අද නම් මට මෙවන් විපතක් නොවේවා..
මෙන්න ඉතිරිය
No comments:
Post a Comment